[HTML-2] First Page and Tags

Home » » [HTML-2] First Page and Tags

ඔන්න ඉතින් HTML වල දෙවෙනි ලිපියත් ගෙනාවා.
ඉතින් මේ ලිපියෙන් HTML tags ගැන කියලා දෙන්න පටන් ගන්නවා.



ඉතින් අපට කෝඩ් ලියන්න නම් ඒකටත් Software එකක් ඕන වෙනවා. ඉතින් ඒ වගේ Tools ටිකක් මෙන්න.
  • Notepad
  • Coffecup
  • ActiveState Komodo
  • Alleycode HTML Editor
  • Aptana
  • Arachnophilia
  • Atom
  • BBEdit
  • BlueFish
  • Brackets
  • Coda
  • Codelobster
  • CoffeeCup HTML Editor
  • E Text Editor
  • Eclipse with the Web Tools Platform
  • EditPlus


ඉතින් මන් මේ ටියුට් ටික ලියද්දි නෝට්පෑඩ් එක යූස් කරනවා. ඒක කොහොමත් මැෂින් එකේ තියන ටූල් එකක් නේ.

මුලින්ම වෙබ් පිටුවක කොටස් ටික හදුන ගමුකෝ. 


ඉතින් ඒ කොටස් ටික අපි මෙහෙම කෝඩ් එකකට පෙරලනවා.

ඉතින් මේ HTML වල යූස් කරන ටැග් ආරම්භ කිරීම වගේම අවසන් කිරීමකුත් කරන්න ඕන. <head> කියන එක ආරම්භ කිරීමෙ ටැග් එකක් විදිහටත් </head> කියන එක අවසාන කරන ටැග් එකක් විදිහටත් පෙන්නලා දෙන්න පුලුවන්. අවසාන කිරීමේ ටැග් හෙවත් end tag අපි හදුන ගන්නේ / කියන ලකුනෙන්. ඉතින් මේ කියන End tag නැති ටැග් තියනවා. ඒවා ඉස්සරහට බලමුකෝ. 

ඉතින් අපි මේ ලියපු පේජ් එකක් සේව් කරනකොට .html කියන extension එක හෝ .htm කියන extension එක  යූස් කරන්න ඕන. මෙන්න මේ විදිහට.


ඉතින් මේ සේව් කරපු ෆයිල් එක ඔයාට ඔයාගේ browser එකේ අයිකන් එකෙන් දකින්න පුලුවන්. මෙන්න මෙහෙම.

ඉතින් අපි මේ ෆයිල් එකේ මුකුත් ලිව්වේ නෑ. මූලික ටැග්ස් ටික විතරක් යූස් කරා. ඒක හින්දා <head> එකට අපි ෆයිල් එක සේව් කරපු නම එනවා. <body> එකට මුකුත් එන්නේ නෑ. 
ඉතින් පේනවා ඇති ෆයිල් එකේ නම head එකේ පෙන්නනවා.

හරි එහෙනම් අපි <head> එකටයි <body> එකටයි මොනවා හරි දාලා බලමු.

ඉතින් මෙතනදී අපි අපේ පලවෙනි ටැග් එක හදුන ගන්නවා. ඒ තමයි <title> . ඒත් <html>, <head>, <body> කියන තුනත් ටැග් තමයි ඈ. 

ඉතින් මේ <title> කියන ටැග් එකෙන් කරන්නේ අපි හදන පේජ් එකට title එකක් දෙන එක. Preview එක බලන්නකෝ. එතකොට තේරෙයි. 

ඉතින් අපේ මේ වෙබ් පේජ් එකේ අන්තර්ගතය නිර්මාණය කරන්නේ <body> කියන ටැග් එක ඇතුලේ. ඉතින් ඕන පික්සුවක් කෙලින්න තියෙන්නේ <body> එක ඇතුලේ තමයි. ඒ කිව්වේ අනිත් ටැග් ගොඩක් <body> ටැග් එක ඇතුළෙ ‍යූස් කරනවා.

හ්ම්... ඔන්න මේ ලිපිය මන් ඉවර කරන්නම්. ඊලග ලිපිවලින් ටැග් එකින් එක විස්තර කරනවා. ඒක හින්දා මගේ බ්ලොග් එකත් එක්ක රැදී ඉන්න ආ.....