[Adsense-1] Adsense Beginner Guide

Home » » [Adsense-1] Adsense Beginner Guide


ඔන්න ඉතින් මගේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්නේ මෙන්න මේ ලිපියෙන්. ඉතින් ඇඩ්සෙන්ස් ගැන ලිපියකින්ම වැඩ පටන් ගන්න මම හිතුවා. ඇඩ්සෙන්ස් වල මූලික දේවල් ගැන ඔයාලට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන්.


මොකක්ද මේ ඇඩ්සෙන්ස් කියන්නේ?


  ඇඩ්සෙන්ස් කියන්නේ Yllix වගේ adnetwork එකක්. බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි කරන ඔයාලට මෙයාලා දෙන ඇඩ්ස් තමන්ගේ අඩවියේ දාලා කීයක් හරි හොයාගන්න පුලුවන්.


ඇයි ඇඩ්සෙන්ස් ම තෝර ගන්න ඕනේ?



  ඇඩ්සෙන්ස් කියන්නේ Google සමාගම විසින් පවත්වාගෙන යන adnetwork එකක්. එයාලා අනිත් adnetwork වලට වඩා ගොඩක් ගෙවනවා.


ඇඩ්සෙන්ස් ගන්න මොනවද ඕන සුදුසුකම්?


  දැනට නම් ඇඩ්සෙන්ස් සි‍ංහල බ්ලොග් වලට දෙන්නේ නෑ. ඉතින් අපිට ඇඩ්සෙන්ස් ගන්න නම් ඉංග්‍රීසියෙන් බ්ලොග් එක කරන්න වෙනවා. ඒ වගේම අනෙක් adnetwork වලට වඩා ගොඩක් නීති රීති මෙයාලගේ තියනවා. ඉතින් ඇඩ්සෙන්ස් ගන්නවා වගේ නෙවෙයි. ඒක පවත්වාගෙන යන්න බොහොම අමාරුයි. ඒත් හරියට වැඩ කරන එක්කෙනාට ඒකේ කිසි දෙයක් නෑ.

 ඇඩ්සෙන්ස්ලගේ නීති රිතී ටික මන් ඔයාලට වෙන ලිපියකින් කියලා දෙන්නම්.



ඇඩ්සෙන්ස් ඇඩ් එකක් කොයි වගේද?



  සමහරක් අය තාම ඇඩ්සෙන්ස් ඇඩ් එකක් වත් හරියට තාම දැකලා නෑ. ඉතින් මම මෙතන ඇඩ්සෙන්ස් ඇඩ් එකක Screen Shot එකක් දාන්නම්.






ඇඩ්සෙන්ස් වැඩියෙන්ම හොද Blogger වලටද? නැත්නම් Wordpress වලටද?



  එහමයි කියලා වෙනසක් නෑ. ඔය දෙකටම හොදයි. හැබැයි මම නිර්දේශ කරන්නෙ Blogger. ඒ මොකද කිව්වොත් Wordpress වලින් ඔයාලා බ්ලොග් එකක් පටන් ගත්තොත් කොහොමත් ඇඩ්සෙන්ස් ඇඩ් පෙන්නනවා. ඒ ඔයාලගේ ඒවා නම් නෙවෙයි. ඔයාලට ඒකෙන් වැඩකුත් නෑ. ඒ ඇඩ් තියෙන්නේ wordpress ලට කීයක් හරි හොයාගන්න. ඒ නිසා මම Blogger සේවය නිර්දේශ කරනවා.
  
  ඔයා Wordpress ස්ක්‍රිප්ට් එක හොස්ට් කරලා ඇඩ්සෙන්ස් ගන්න හිතුවට කමක් නෑ. ඒක ඔයාලගේ කැමැත්තක්.

ඇඩ්සෙන්ස් Account එකක් හදාගන්නේ කොහොමද?
  ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න හැට් මම වෙන ලිපියකින් කියලා දෙන්නම්. ඔක්කොම ටික එක සැරේට කියන්නත් බෑනේ ඉතින්. ☺

එහෙනම් මම අදට නවතින්නම්.

ඊලග ලිපියෙන් හමුවෙමු. ඔයාලට සුභ දවසක්!