[Adsense-3] Eligibility to participate in AdSense

Home » » [Adsense-3] Eligibility to participate in AdSense

ඔන්න ඉතින් දවස් දෙක තුනකට විතර පස්සේ මන් පෝස්ට් එකක් අරන් ආවා. පහුගිය දවස් දෙක තුනේ මුකුත් ලියන්න හිතුනේ නැහැ. ඉතින් අද මොනවාහරි ලියනවා කියලා ආවත් කම්මැලි හිතුනා. ඉතින් ලෝගෝ එක පොඩ්ඩක් වෙනස් කරා.

හරි. කමක් නෑ. අද මන් කතා කරන්න යන්නේ ඇඩ්සෙන්ස් ගැන දෙයක්. ඒ තමයි ඇඩ්සෙන්ස් ලබා ගැනීමට සපුරාතිබිය යුතු දේවල් ගැන. ඉතින් මාතෘකාවෙන් ඒක තේරුනාද මන් දන්නේ නැහැ. මොකද මටත් තේරුනේ නැහැ. ☺

මෙන්න මේ සුදුසුකම් ටික තමයි ඔයාලා සපුරාගන්න ඕන කරන්නේ. එහෙනම් කියවන්නකෝ.

ඔයාලට ඇඩ්සෙන්ස් ගන්න මුලින්ම වෙබ් අඩවියක් අවශ්‍යයි.
 ඒකට නේන්නම් මෙච්චර මහන්සි වෙන්නේ. හනේ මන්දන්නෑ. වෙබ් සයිට් එකට ගන්නැතුව ඉතින් රයිස් කුකර් එකට ගන්නෙයි.

ඉතින් ඒ සයිට් එක හොදට ට්‍රැෆික් වදින සයිට් එකක් වෙන්න ඕන. ගොඩක්ම ඕනෙත් නෑ ඉතින්. 

අවුරුදු 18 ට වැඩි වෙන්නත් ඕන.
  බ්ලොග් එකට නෙවෙයි. ඔයාට අවුරුදු 18ක් වෙන්න ඕන. එයාලා Approve කරන්නේ වයස 18ට වැඩි අයගේ Applications විතරයි.

ඔයාගේ සයිට් එක ඇඩ්සෙන්ස් නීති වලට අනුකූල විය යුතුයි.
  මම කලින් ලිපියකින් ඇඩ්සෙන්ස් ලගේ නීතිරීති ටික කියලා දුන්නා. තාම කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහිල්ලා කියවන්න.

ඉතින් ඒ තියන නීති පිලිපදින්න උත්සහ කරන්න.

ඔයාගේ වෙබ් අඩවිය සාදා මාස 6ක් වත් ගතවී තිබිය යුතුයි.
  දැන් ඉතින් බය වෙන්න එපා. ඒ කතාව ල‍ංකාවට අදාළ නෑ. චීනය, ඉන්දියාව වගේ රටවලට තමයි මේක බලපාන්නේ. 

ඊලග එක තමයි,
ආ එහෙම එකක් නෑ. දැනට මෙච්චරයි. ඉතින් ඒක හින්දා මේ ලිපියත් ඉවරයි.

එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ.
ඔබට ජය.....................