[Adsense-2] AdSense program policies

Home » » [Adsense-2] AdSense program policies


ඔන්න ඉතින් මං ඇඩ්සෙන්ස් ගැන දෙවෙනි පෝස්ට් එක තමයි මේ ලියන්න යන්නේ. පලවෙනි පෝස්ට් බලපු නැති අය මෙතනින් ගිහින් ලිපිය බලන්නකෝ. ඒ පෝස්ට් එකේදි පොරොන්දු උනා වගේ ඇඩ්සෙන්ස් ලගේ නීතිරීති ටික මං මේ පෝස්ට් එකෙන් කියලා දෙනවා.


Invalid clicks and impressions

කවදාවත් ඔයා ඔයාගෙම ඇඩ්ස් ක්ලික් කරන්න එපා.  ඒ වගේම එක එක ක්‍රම වලින් ට්‍රැෆික්, clicks දෙන්න එපා. එක ක්ලික් එකක් වත් තමන් දාන්න යන්න එපා. හැබැයි ඔයා මේ දේවල් කරොත් ඔයාගේ ඇඩ්සෙන්ස් account එක banned කරනවා. ආපහු ඔයාට ඒ ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ‍යූස් කරන්න බෑ.


Encouraging clicks


ඔයා කාටවත් බලකරන්න එපා ඇඩ් ක්ලික් කරන්න කියලා. "click the ads", "support us", "visit these links" අන්න ඒ වගේවා දාන්න එපා. එහෙම උනොත් ඔයාගේ account එක බෑන් කරාවි. "Sponsored Links" , "Advertisements" වගේ ඒවා දැම්මට කමක් නෑ. ඒත් "Favorite Sites" , "Today's Top Offers" වගේවා දාන්න එපා.ඒ වගේම කස්ටියකට සල්ලි ගෙවලා ඇඩ් ක්ලික් ගන්න යන්නත් එපා. ඔය ඉන්නවනේ ක්ලික් දෙන්නන් කියකිය ඉන්න කට්ටිය. එකවුන්ට් එක බෑන් උනාට පස්සෙ ඕකුන් හොයාගන්නවත් නෑ.


Content guidelines


ඇඩ්සෙන්ස් ලා සමහරක් මාතෘකා ගැන තියන පෝස්ට් වලට තමන් ගේ ඇඩ් දාන්න එපා කියලා තියනවා. මේ තියෙන්නේ ඒ මාතෘකා ටික.


  • Pornography, adult or mature content - වැඩිහිටියන්ට පමණක් වන ඇසබි දේ අඩංගු ලිපි තුල
  • Violent content- ප්‍රචණ්ඩ දේවල් ඇතුලත් ලිපි තුල
  • Hate speech - කාටහරි එරෙහිව ලියන ලිපි තුල
  • Excessive profanity - ඉතා අසභ්‍ය ලිපි තුල
  • Hacking/cracking content - හැකින් හා ක්‍රැකින් ගැන ලියූ ලිපි තුල
  • Software or other content that violates the Unwanted Software Policy - මෘදුකාංග හෝ අනවශ්ය මෘදුකාංග කොන්දේසි උල්ලංඝනය වෙනත් අන්තර්ගතයන් සහිත ලිපි තුල
  • Malware or adware - මැල්වෙයා හෝ ඇඩ්ව්යා ගැන ලියූ ලිපි තුල
  • Illicit drugs and drug paraphernalia content 
Content that promotes, sells, or advertises products obtained from endangered or threatened species.- නීති විරෝධී මත්ද්‍රව්‍ය ගැන හා මත්ද්‍රව්‍ය පිලිබද බැනර් ඇතුලත් ලිපි තුල, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන, අලෙවි කරන හෝ ඒවා ගැන දැන්වීම් ඇති ලිපි තුල
  • Sales of beer or hard alcohol - බියර් සහ ඇල්කොහොල් විකිණිමට ලියූ ලිපි තුල
  • Sales of tobacco or tobacco-related products - දුම්කොළ හෝ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට ලියූ ලිපි තුල
  • Sales of prescription drugs - කුඩු විකිනීමට ලියූ ලිපි තුල
  • Sales of weapons or ammunition - අවිආයුධ හෝ උණ්ඩ විකිණිමට ලියූ ලිපි තුල
  • Any other content that is illegal, promotes illegal activity or infringes on the legal rights of others - නීති විරෝදී දෙයක් ප්‍රවර්ධනය කරන , අන් අයගේ නීති අයිතිවාසිකම් කඩ කරන හෝ වෙනත් ඕනෑම  නීතිවිරෝදි අන්තර්ගතයක් සහිත ලිපි තුල


ඒ වගේම ඇඩ්සෙන්ස් ලා Support නොකරන භාෂාවක් තියන ලිපිවලත් ඇඩ් දාන්න එපා.


Copyrighted material


ප්‍රකාශන හිමිකම තමන්ගේ නොවන ලිපි තුල ඇඩ් දාන්න එපා. ඒ කියන්නෙ ඔයාලා අනුන්ගෙන් පෝස්ට් උස්සලා තමන්ගේ බ්ලොග් එකේ දාගන්න එපා කියලා. ඉංග්‍රීසි බෑ කියලා සමහර අය එහෙම කරනවනේ.


Counterfeit goods


ඔයාලා ව්‍යාජ භාණ්ඩ විකුණන පේජ් වල ඇඩ්සෙන්ස් ඇඩ් දාන්න යන්න එපා.


Traffic sources


ඔයාලගේ බ්ලොග් එකට ට්‍රැෆික් එන ක්‍රම ගැන මෙයාලා බලනවා. ඉතින් සමහරක් ක්‍රම මෙයාලා අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ PTC site එකක තමන් ගේ බ්ලොග් එකේ ඇඩ් දාලා ඒකෙන් එන ට්‍රැෆික්, අනවශ්‍ය ලෙස කට්ටියට ඊමේල් යවලා ගෙන්න ගන්න ට්‍රැෆික්, ට්‍රැෆික් exchange කරගන්න සයිට් වලින්( Hitleap, Addmefast etc..) වගේ ක්‍රම භාවිත කරන්න එපා.

ඔන්න එහෙනම් නීතිරීති ගැනත් කියලා දුන්නා. ඊලග පෝස්ටුවෙන් එහෙනම් හම්බවෙමුකෝ.....