[HTML-1] HTML Beginner Guide

Home » » [HTML-1] HTML Beginner Guide


ඉතින් මේ ගැන ලියවෙන ලිපි පෙලේ පලවෙනි ලිපිය තමයි මේ. මේ ලිපිපෙලින් ඔයාලට HTML ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන් වේවි. ලිපිපෙල අවසානයේ ඔයාට ඔයාගෙම වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන් හැකියාවක් ලැබේවි.

HTML කියන්නේ HyperText Markup Language කියන එක. මේ භාෂාව යොදා ගන්නේ වෙබ් සයිට් කරන්න. සරල වෙබ් සයිට් එකක් මේ HTML භාෂාව හරහා නිර්මාණය කරගන්න පුලුවන්. 

මේකේ ඉතිහාසය ගැන කිව්වොත්,
මේ භාෂාවේ නිර්මාතෘ වෙන්නෙ ටිම් බර්නර්ස් ලී කියන භෞතික විද්‍යාඥවරයෙක්. ඒ 1989 වසරේදි. මාත් වැඩිදෙයක් දන්නේ නෑ.

ඉතින් මේ භාෂාව මෙච්චර ජනප්‍රිය උනේ Internet connection නැති මැෂින් එකක ඉදගෙන උනත් වෙබ් සයිට් එකක් ඩිසයින් කරන්න පුලුවන් වුන එක. ඒ වගේම ඉතා සරල භාෂාවක් නිසා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.

මේ HTML භාෂාව තුලින් අපට පුලුවන් වෙබ් පිටුවක් තුලට වචන(words), වාක්‍ය (sentences), මාතෘකා (titles), රූප (images), වීඩියෝස් (videos), ඕඩියෝ ෆයිල් (audio file) වගේ ඒවා ඇතුළත් කරන්න. ඒ වගේම සරල අලංකාරයක් වෙබ් පිටුවට දාන්න පුලුවන්. ඒත් වෙබ් පිටුව තවත් ලස්සන කරන්න ඕන නම් අපිට CSS ගැන ඉගෙන ගන්න වෙනවා. මං CSS ගැනත් ලිපි පෙලක් ආරම්භ කරනවා. HTML ලිපි පෙල අතර තුරේම ඒකත් ලියන්නම්කෝ.

ඉතින් මේ HTML තුලත් Versions තියනවා. 

  • 1995 නොවැම්බර් 24 වෙනදා HTML 2.0 ආවා.
  • 1997 ජනවාරි 10 වෙනිදා HTML 3.2
  • 1997 දෙසැම්බර් 18 වෙනිදා HTML 4.0 ආවා
  • 1998 අප්‍රේල් 24 වෙනිදා HTML 4.0 ආවා
  • 1999 දෙසැම්බර් 24 වෙනිදා HTML 4.01 ආවා
  • 2014 ඔක්තෝම්බර් 28 වෙනිදා HTML5 ආවා. 


ඉතින් දැන් අපි පාවිච්චි කරන්නෙ පස් වෙනි සංස්කරණය.

ඉතින් මේ ලිපිය මං මෙතනින් අවසන් කරනවා. ඊලග ලිපියෙන් වෙබ් පිටුවක කොටස් වගේම Tags වගේ දේවල් ගැන කියලා දෙන්නම්කෝ.....