[Adsense-4] Before Apply Adsense

Home » » [Adsense-4] Before Apply Adsense

ඉතින් තවත් ලිපියක් ලියන්නයි හදන්නේ. මේක එච්චර වැදගත් දෙයක් නම් නෙවෙයි. මන් හිතන් හිටියේ ඊලග ලිපියෙන් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්න. ඒත් මේවත් කලින්ම කියන්න ඕන කියලා හිතුනා.

ඇඩ්සෙන්ස් ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ? 

වෙන මුකුත් නිසා නෙවෙයි. අනිත් Ad Network වලට සාපේක්ෂව ඇඩ්සෙන්ස් අපිට වැඩිපුර ගෙවනවා. ඒ වගේම නීති ත් හොදයි. අපිට ඒක වදයක් උනාට ඒ නීති හින්දා තමයි ඇඩ්සෙන්ස් මෙච්චර කාලයක් හොදින් පැවතුනේ. ඒ වගේම ඇඩ්සෙන්ස් වල අයිතිකාරයෝ වෙන්නේ Google සමාගම. ඉතින් මේ වගේ හේතු නිසා ඇඩ්සෙන්ස් ප්‍රසිද්ධ Ad Network එකක් උනා.

සමහර Ad Network වල පැවැත්ම අඩුයි. ඒකට හේතු වෙන්නේ එයාලගේ නීති රීති පද්ධතිය ආශ්‍රිත දුර්වලතා වෙන්න පුලුවන්. ඒ වගේම HitLeap වැනි සේවාවන් Publishers ලා යූස් කරන හින්දා කොහෙවත් නැති ‍එවුන් ටිකක් බලපු ඇඩ් එකකට Ad Network එකෙන් ගෙවනවා. ඉතින් Advertisers ලා අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් Ad Network එකේ Advertisers ලා නෑ කියන්නේ Ad Network එකෙන් වැඩක් නෑ. ඉතින් ඒ Ad Network එක මෙතනින් ඉවර වෙනවා. ඒත් සාධාරණව වැඩේ කරන් ගිහිපු Publishers ලත් මෙතනදි අනාතයි. ඇයි ඉතින් කාලයක් තිස්සේ උනු මහන්සියේ ප්‍රථිපල ලබාගන්න වෙන්නේ නෑනේ.

ඉතින් ඇඩ්සෙන්ස් ලා HitLeap වගේ Auto Surf සයිට් වලින් ට්‍රැෆික් ගැනීම අනුමත කරන්නේ නෑ. ඒ වගේම කට්ටියට මුදල් ගෙවලා Clicks, Views ගන්නත් එපා. ඒ ඔයාගේ ඇඩ්සෙන්ස් වල අවසානය. ඇඩ්සෙන්ස් ගන්න එක නෙවෙයි අමාරු. ඒ එකවුන්ට් එක Ban නොවී තියාගන්න එක. ඉතින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එක රැක ගන්න උත්සහා කරන්න. ඇඩ්සෙන්ස් එකවුන්ට් දෙකක් යූස් කරන්නත් එපා. කොහොමත් එකම නමින් ඇඩ්සෙන්ස් දෙකක් තියාගන්න බෑ. දෙවෙනි එක ඉවරයක් වෙනවා. මට නම් එකවුන්ට් තුනක් තියනවා. දෙකක් යූස් කරනවා. මැෂින් එකේ එකවුන්ට් හතරක් තියනවා. ඒත් මම නම් කියන්නේ ඒ වගේ දේවල් මුකුත් කරන්න එපා. එක එකවුන්ට් එකක් විතරක් තියාගන්න. 

යූටියුබ් එකේ තියනවා ඇඩ්සෙන්ස් හැක් කරන ටූල් ගැන. කිසිසේත්ම ඒවා යූස් කරන්න එපා. ඒ වලින් සල්ලි Earn කරා කියලා ඒවා ගන්න නම් හම්බ වෙන්නේ නෑ. ඒත් ගත්ත අයත් ඇති. ඒත් කිසිසේත්ම ඇඩ්සෙන්ස් හැක් කරන්න එපා.

ඉතින් ඇඩ්සෙන්ස් භාවිතා කරද්දි දැනගන්න ඕන දේවල් මන් කලින් ලිපියකින් ලිව්වා. ඒකත් ආපහු කියවන්න. ඒවා මතක තියාගන්න එක ගොඩක් වැදගත්. 



ඉතින් මන් හිතනවා මන් කියපු දේවල් ඔයාලා හොදින් පිලිගනීවි කියලා. එහෙනම් අපි ඊලග ලිපියෙන් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදමු.
සුභ දවසක්.......