[HTML-3] Basic HTML Tags

Home » » [HTML-3] Basic HTML Tags

ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ පෝස්ට් එකක් ලියනවා. මෙච්චර කාලයක් පෝස්ට් එකක් නොලිව්වේ විශේෂ හේතුවකට නම් නෙවෙයි. කම්මැලියි පෝස්ට් එකක් ලියන්නත්. ලියන්න දෙයකුත් නෑ. ඉතින් HTML පෝස්ට් සෙට් එකේ තුන් වෙනි පෝට්ස් එක ලියන්න හිතුවා.

ඉතින් මන් මේ පෝස්ට් එකෙන් ඔයාලට කියලා දෙන්නේ HTML වල ප්‍රධානම ගොඩක් වෙලාවට යූස් කරන ටැග් ගැන. එහෙනම් මෙන්න ඒ Tag ටික.

[01] <html> </html> Tag

මේකෙන් තමයි අපි අපේ පේජ් එකට ආරම්භය ලබාගන්නේ. ඉතින් මේක නම් එච්චර භාවිත වෙන ටැග් එකක් නෙවෙයි. පේජ් එක පටන් ගන්නකොට විතරයි මේ ටැග් එක භාවිත වෙන්නේ. 

[02] <head> </head> Tag

මේක ඇතුලේ තමයි අපි වෙබ් පේජ් එකට අවශ්‍ය කරන Javascript කෝඩ් එහෙම දාන්නේ. ඒ වගේම පේජ් එකට Title එක දාන්නෙත් මේක ඇතුලේ. මිට කලින් ලිපියේ දකින්න ඇති මන් <title> කියන ටැග් එක යූස් කරා. ඒක ගැන අපි ආපහු කතා කරමු.

[03] <body> </body> Tag 

අපේ වෙබ් පිටුවේ අන්තර්ගතය වෙන්න ඕන දේවල් ලියන්නේ මේ ටැග් එක ඇතුලේ. ඒ කියන්නේ අපි ඉස්සරහට ඉගෙන ගන්න ගොඩක් ටැග් යූස් කරන්නේ මේ ටැග් එක ඇතුලෙදියි.

ඔන්න අපි වල ප්‍රධානම ටැග් තුන ගැන අපි කතා කරා. ඉතින් මේ ටැග් තුන අපි ලියන හැම වෙබ් පිටුවකම අන්තර්ගත වෙන්න ඕන. 

ඉතිරි ටික ලියන්න කලින් අපි ටැග් එකක් සතු කොටස් හදුන ගමු. පහල පින්තූරය බලලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න.

හරි එහෙනම් අපි මේ ටැග් එක ගැන තව දේවල් ටිකක් කියන්නම්.

ඉතින් මේ <body> Tag එකෙන් අපිට වෙබ් පේජ් එකේ තව පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුලුවන්. ඒවා කරන්නේ අර කිව්ව Attribute මගින්. <body> Tag එකට යූස් කරන Attribute ටිකම අනිත් ටැග් වලටත් යූස් කරන්න බෑ. Attribute ටැග් එකෙන් ටැග් එකට වෙනස් වෙනවා.

1./ පසුබිමට වර්ණයක් දැමීම. 

ඉතින් මේකට අපිට CSS යූස් කරන්නත් පුලුවන්. අපි ඒ ගැන CSS පාඩම් මාලාව පටන් ගත්තම කතා කරමු. ඉතින් මේ <body> ටැග් එකෙන් පසුබිමේ පාට වෙනස් කරන්නේ මෙහෙමයි.

<body> කියන ටැග් එක මෙන්න මේ විදිහට ඔයා වෙනස් කරන්න.

<html><head></head><body bgcolor="red"></body></html>

දැන් කලින් කිව්ව විදිහට සේව් කරලා වෙබ් බ්‍රව්සර් එකෙන් ඕපන් කරලා බලන්න. 


සමහරක් අයට ප්‍රශ්නයක් ඇති මේ bgcolor එකේ u අකුර අඩු ඇයි කියලා. ඇත්තම කිව්වොත් American English වල කලර් ලියන්නෙ ඔහොමයි. ඒක හින්දා අපිට HTML වලදි කලර් කියන වචනේ ලියන්න වෙන්නෙ color කියලා. ඉතින් ඔයාට මෙතන value එක විදිහට කැමති පාටක් දෙන්න පුලුවන්. මන් දීලා තියෙන්නේ red. ඒ වගේම ඔයාට පුලුවන් මේකට color code යූස් කරන්න. මන් color code ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට දෙන්නම්කෝ. ඉතින් මේ color code එක ගහද්දි # ලකුණ දාන්නත් අමතක කරන්න එපා.


2./ පසුබිම සදහා රූප භාවිතා කිරීම.

ඉතින් මේකට මුලින්ම ඔයා වෙබ් පේජ් එක සේව් කරපු තැනට ඔයාට අවශ්‍ය කරන පින්තූරය දාගන්න. දැන් ඒකේ නම හරියට බලාගන්න. ඒ වගේම extension එකත් බලාගන්න. image එක උඩ රයිට් ක්ලික් කරලා Properties වලින් ඔයාට ඒක බලාගන්න පුලුවන්.

ඉතින් දැන් කෝඩ් එක ලියන්න ඕන මෙහෙමයි.

<html><head></head><body background="wp.png"></body></html>

ඔහොම කෝඩ් එක ලිව්වම මෙන්න Preview එක.

මේ තියෙන්නේ මන් යූස් කරපු ඉමේජ් එක.

ඉතින් ඒ ඉමේජ් එක පොඩි හින්දා සම්පූර්ණ වෙබ් පේජ් එකටම ඒ ඉමේජ් එක Repeat වෙලා තියනවා.

ඉතින් මන් මේකේ Attribute එක විදිහට මන් background කියන එක යූස් කරා. value එකට image එකේ Location එක දුන්නා. මන් දාගත්තු ඉමෙජ් එකේ නම wp ඒකේ extension එක .png ඉතින් මන් ඒ හින්දා ඔය විදිහට value එක දුන්නා. වෙබ් පේජ් එක තියන තැනම ඉමෙජ් එක තියන නිසා මන් /wp.png කියලා විතරක් දුන්නා. ඒත් ඒක තියෙන්නේ වෙන තැනකනම් ඔයාට සම්පූර්ණ Location එකම දෙන්න වෙනවා.

අපිට දැනට කතා කරන්න තියෙන්නේ ඔය attribute දෙක ගැන විතරයි. ඉතින් ඊලග පෝස්ට් එකේ ඉදන් අපි <body> ටැග් එක ඇතුලේ යූස් කරන්න පුලුවන් උප ටැග් ගැන කතාකරමු.

එහෙනම් ඔබට සුභ දවසක්!