[WH&U-1] What Is a Domain Name and Hosting?

Home » » [WH&U-1] What Is a Domain Name and Hosting?

ඔන්න ඉතින් මම මේ ලිපියෙන් අලුත් කැටගරියක් ආරම්භ කරනවා. ඒ කැටගරිය තමයි Web Host & Update. ඉතින් පලවෙනි ලිපියෙන් හොස්ටින් සහ ඩොමේන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්.

හිතන්න ඔයා වෙබ් සයිට් එකක් හැදුවා කියලා. ඉතින් අපිට පුලුවන් ඒක අපේ PC එකේ තියාගන්න. ඒත් ඒකට පිටින් කාටවත් එන්න බෑ. පිටින් එන්න පුලුවන් කියමුකෝ. ඒත් එන්න පුලුවන් ඔයාගේ PC එක ඔන් කරලා තියනකොට විතරයි. ඒ වගේම අපේ PC එක පැය 24 ම ඔන් එකේ නෑ.

එතකොට මොකක්ද කරන්නේ? අන්න ඒකට අපි ගන්නවා පැය 24 පුරාම ඔන් එකේ තියන Machine එකක්. අන්න ඒකට අපි හොස්ට් එකක් කියලා කියනවා. 

ඉතින් මේ හොස්ට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියනවා.

පලවෙනි එක තමයි Dedicated Hosting. මේ Machine එකක් ගන්න නම් අපිට බර ගාණක් යට කරන්න වෙනවා. ඒ මොකද ඒ Machine එක අයිතිය සම්පූර්ණෙන්ම අපිට එනවා. ඒ කියන්නේ අපි විතරයි ඒක යූස් කරන්නේ. 

ඔන්න ඉතින් මේ වෙලේ අපි හවුල් ගිවිසුමක් ගහනවා. ඒ කියන්නේ අපි හොස්ට් එකක් කොටස් වලට වෙන් කරලා වෙන වෙනම ගන්නවා. එක්කෙනෙක් ගේ පැක් එකක් තවත් කෙනෙක් ට පේන්නේ නෑ. යූස් කරන්නත් බැහැ. කොටස් වලට වෙන් කරපු හොස්ට් එකක් නිසා මිලෙන් අඩුයි. ඒ වගේ කාර්යක්ෂම තාවෙනුත් අඩුයි. ඔව් ඔව් අඩුයි. අන්න ඒ කොටස් වෙන් කරපු හොස්ටින් වලට කියනවා Shared Hosting කියලා.

දැන් එතකොට අපි ඔහොම හොස්ට් එකක් ගත්තා කියමු. සයිට් එකත් අප්ලෝඩ් කරා කියමු. එතකොට අපේ සයිට් එක මේ නෙට් එකෙන් පැහැදිලිව හදුනාගෙන වෙන් කරගන්නේ කොහොමද? සයිට් එකට අනන්‍යතාවයක් දෙන්නේ කොහොමද? 

අන්න මෙතනදි තමයි අපිට ඩොමේන් එකක අවශ්‍යතාවය එන්නේ. ඩොමේන් කියන වචනේ තේරුම තමයි වසම් නාමය කියන එක. ඉතින් මේ වසම් නාමයක් අපි මුදල් ගෙවලා මිලදී ගන්න ඕන. නොමිලේ දෙන ඒවත් තියනවා. ඉතින් මුලින් මුලින් ෆ්‍රී ඩොමේන් ෆ්‍රී හොස්ටින් වලින් අපි ඉස්සරහට වැඩ කරමු.

ආ මේ ගැම්මටම මේකත් කියන්නම්. මේ ඩොමේන් නාම බෙදා හරින්න ප්‍රධාන අයිතිය තියෙන්නේ ICANN එකට. ඒකෙ තේරුම තමයි Internet Corporation for Assigned Names and Numbers කියන එක. ඉතින් අපි මොන සයිට් එකකින් ඩොමේන් එකක් ගත්තත් අයිතිය මෙයාලගේ.

එහෙනම් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා. ඊලග ලිපියත් ඉක්මනින්ම දෙනවා.